
Praveen Randeniya
@praveenrandeniya
Paese/regione:LK
Categoria:
-
633659Classifica globale
-
1311Classifica Paese/Regione
-
100.54KSeguaci
-
794Video
-
1.15MPiace
-
Nuovi video16
-
Nuovi seguaci3.17K
-
Nuove visualizzazioni479.18K
-
Nuovi Mi piace28.06K
-
Nuove recensioni293
-
Nuova condivisione2.21K
Praveen Randeniya  Andamento dei dati (30 giorni)
Praveen Randeniya Analisi statistiche (30 giorni)
-
Visualizzazioni medie 479.18K Seguaci / Visualizzazioni 0.66% -
Mi piace nella media 1.54K Piace / Visualizzazioni 6.34% -
Recensioni medie 16 Recensioni / Visualizzazioni 0.06% -
Condivisione media 121 Condividere / Visualizzazioni 0.46%
Praveen Randeniya Video piccanti
5-MF Technique අත් ඔරලෝසුව හෝ පාඩම් කරන ස්ථානයේ ඇති බිත්ති ඔරලෝසුවක් දෙස බලා, මිනිත්තු 5 ක් පමණක් පාඩම් කරනවා කියා, පාඩම් කිරීම අරඹන්න. අවධානය වෙනතකට ගියහොත්, ඔරලෝසුව දෙස බලා නැවත අවධානය පාඩම් කිරීමට රැගෙන එන්න. මෙසේ මිනිත්තු 5 කොටස් කිහිපයක් කරන විට ඔබගේ එන්ජිම පණ ගැන්වේ. #LearnOnTikTok #studysmart #studytok
අපේ මොළයේ සිස්ටම් 2 ක් තියෙනවා. පළවෙනි සිස්ටම් එකෙන් ඔටෝ වෙන දේවල් කරවනවා. උදාහරණ ලෙස, උදේ නැගිටලා දත් මදිනවා වගේ. දෙවෙනි සිස්ටම් එකෙන් ලොජිකල් වැඩ. අපේ සාමාන්‍ය දවසක් ගත්තම ගොඩක් වෙලාවට පළවෙනි සිස්ටම් එකෙන් තමා දුවන්නේ. හොඳට කල්පනා කරලා, වෙලාව අරගෙන, තර්ක කරලා කරන වැඩ වලදී විතරයි දෙවෙනි සිස්ටම් එක වැඩ කරන්නේ. පොදුවේ දෙවෙනි සිස්ටම් එකෙන් දවසම වැඩ කරන්න පුළුවන්නම් වඩා හොඳයි. නමුත්, බොහෝවේලාවට පළවෙනි සිස්ටම් එකෙන් තමයි අපි වැඩ කරන්නේ. ඒක අවුලක් නැහැ. ඒක අපිට ඕන විදිහට සැලසුම් කරගත්තම සුපිරි වැඩ ඔටෝම වෙනවා. හිත හිත ඉන්නේ නැතුව පළවෙනි සිස්ටම් එකෙන් ඔයාව පාඩම් කරවන්නේ කොහොමද කියල ඉගෙනගමු. පළවෙනි සිස්ටම් එකෙන් තමයි අපේ දවසේ පුරුදු ටික කරවන්නේ. එහෙනම් අපි පාඩම් කිරීමේ පුරුද්ද හදාගත්තනම් ඒකත් ඔටෝ කරන්න පුළුවන්. ඒකට, පුරුද්ද්දක් හදාගන්න හැටි අවබෝධ කරගන්න ඕනේ. අපේ පුරුදු වල තියරිය මේකයි. මොකක්හරි වුනොත් දෙයක් කරනවා. උදේ ඇහැරිලා යන්න තියෙන නිසා දත් මදිනවා. ඇදුම සයිස් එකක් අඩු කරගන්න ව්‍යායාම කරනවා. මොකක්හරි නිසා තව දෙයක් කරනවා. සතියක් දෙකක් මේ විදිහට කළාම අදාළ කාලය ආවම, අදාළ මූලික කාර්යය සිද්ධ වුනාම, අපේ පුරුද්ද ඔටෝ වෙනවා. මෙහෙම පැහැදිලි කළාට, පළවෙනි සිස්ටම් එකට පියවර ටික කෝඩ් වුනාම අපි හිතන්නෙවත් නැතුව ඒවා ටික ඉටු වෙනවා. දැන් ඔයා පාඩම් කරන විදිහ බලන්නකෝ. අද එක වෙලාවක්, හෙට තව වෙලාවක්. එහෙම හරියන්නේ නැහැ කියලා දැන් ඔයාට තේරෙනවා. සතියේ දවස් 7 ටම, අඩු ගානේ වැඩ කරන දවස් 5 ට හරි පාඩම් කරන්න එකම වෙලාවක් තියාගන්න ඕනේ. මේකට මම කියන්නේ Master Study Time එක. දැන් වෙලාව හරි. පාඩම් කිරීමේ පුරුද්ද හදන්න, යම් මූලික කාර්යයක් වෙන්න ඕනේ. ඒකට මොනවද කරන්නේ? මම කරපු දේ දන්නවද? මට නිල් පාට ආර්ම් කට් එකක් තිබුණා. මගේ Master Study Time එක ආවම මම එක ඇඳගන්නවා. එතකොට මගේ මොළය මගේ පුරුදු ලිස්ට් එකේ ගිහින් නිල් පාට ආර්ම් කට් එක ඇන්දම මොකක්ද කරන්නේ කියල බලනවා. ආ! පාඩම් කරන එක. ඔන්න ඔළුවේ තියෙන අනම් මනම් ටික විසි කරලා දාලා හිස් ඔළුවක් හදල දෙනවා පාඩම් කරගන්න. මම කරපු තව දෙයක් තියෙනවා. ඒ තමයි මගේ කාමරේ ජනෙල්, කර්ටන් ඔක්කොම වහල කළුවර කරලා ලයිට් දාගන්නවා. එළියේ මොකද වෙන්නේ, වෙලාව කීයද කිසිම අදහසක් නැහැ. ඒක කළා, නිල් පාට ආර්ම් කට් එක දාගත්තා පාඩම් කළා. ඔයත් මේ විදිහට ඔයාගේ පළවෙනි සිස්ටම් එක කෝඩ් කරගන්න. එතකොට ඔටෝම පාඩම් කෙරෙනවා. හැබැයි මුලදී සතියක් දෙකක් ඉවසීමෙන් කරන්න ඕනේ හරිද? පියවර ටික සාරාංශ කරන්නම්: 1. Master Study Time එක හදාගන්න. 2. නිල් පාට ආර්ම් කට් එකක් ඇඳගන්න (ඕනෙම ඇඳුමක් පාටක් අවුලක් නැහැ. මේසේ තියෙන ලාම්පුවක් දාගන්නවා වගේ දෙයක් වුනත් පුළුවන්) 3. පාඩම් කරන්න. නිශ්චිත වෙලාව, මූලිකව තෘප්ත විය යුතු කාර්යය, අදාළ වැඩය. මේකයි තියරිය. කෝ ඉතින්, දැන්ම පටන් ගන්න. පාඩම් කරන එක පුදුම ලේසියි. #studymotivation #StudySmart #LearnOnTikTok #studytips
7As ගන්න, 3As ගන්න, හොඳ Scholarship එකක් ගන්න Rank දාන්න යන වදන් මගේ පුතාට මම කවදාවත් කියන්නේ නැහැ! ඒ ඇයි? ක්‍රියාවලියක අවසානය වෙත පමණක් අවධානය යොමු කිරීම සහ එය උලුප්පා පෙන්වීම, අදාළ ජයග්‍රහණය ලබා නොගැනීමේ පළමු පියවරයි. යන්නේ කොහේද කියා අදහසක් තිබිය යුතුයි. ඒ ගැන එපමණයි. ගමන ආරම්භයේම යන්නේ කොහෙද කියා සිතුවා ගමන පටන් ගත්තා. ගමන යන අතරතුරේ rank එකක් දාන්න හොඳද, ඔයාගෙන් 3As බලාපොරොත්තු වෙනවා ආදී ලෙස ගමනේ අවසාන ප්‍රතිඵලය highlight නොවිය යුතුයි. ඒ ඇයි කියල මගේ අත්දැකීමෙන් කියන්නම්. මම උසස් පෙළ කරන කාලයේ, මගේ ලකුණු හොඳට එද්දී ගුරුවරු කිව්වේ, "රෑන්ක් එකක් ඕනේ." ගෙදරින් කිව්වේ, "3As." ඔය ටික නැවත නැවත ඇහෙද්දී මගේ ඔළුවේ තිබ්බේ 3As Rank එක විතරයි. මම වැඩ්ඩෙක්, ඉතින් මගෙන් සුපිරි result එකක් බලාපොරොත්තු වෙනවා කියන හැඟීම නිසා මමත් හරිම සතුටින් සහ ජවයෙන් ඉන්නේ. ඒ විදිහට පට්ට මොරාල් එකක් ආවේ, මට කියපු දේවල් හේතුවෙන් මගේ මොළයේ Dopamine වැඩිවුණු නිසා. හොඳට ලකුණු තිබිල ඔන්න දවසක් ලකුණු ටිකක් අඩු වෙනවා. පේපර් එකේ මගේ අඩුපාඩු ගැන නෙමෙයි බලන්නේ මගේ rank එක නැති වෙන හැටි. වැඩිහිටියන් නොදැනුවත්වම මාව කන්ඩිෂන් කළේ ප්‍රතිඵලේ ගැන විතරක් හිතන්න. ලකුණු අඩු වුණු ගමන්, Dopamine Crash වෙනවා. බය වෙනවා සහ මොරාල් බහිනවා. ඉන්පසුව පාඩම් කිරීම අත්හරිනවා, තව තව ලකුණු අඩු වෙනවා, අන්තිමට, rank නෙමේ විභාගේ පාස් කරගන්නෙත් යාන්තමට. Dopamine තියරිය තමයි, base line එකෙන් ඉහළට dopamine වැඩිවුණොත් අනිවාර්යයෙන් ඒ වැඩි වුණා වගේ ප්‍රමාණයක් base line එකෙන් පහළට අඩු වෙන්නම ඕනේ. වැඩිහිටියෝ ළමයින්ව උස්සල තිබ්බට, ළමයව අල්ලගෙන ඉන්නේ නැහැනේ. 9As ගත්ත මගේම යාළුවෝ නාස්ති වෙලා යන හැටි මම ඇස් දෙකෙන්ම දැක්කා. මගේ පුතාට මම කියන්නේ, ඉගෙනගැනීමේ ක්‍රියාවලිය ගැන හිතන්න. ප්‍රතිඵලේ ගැන හිතන්නවත් එපා. ඔයාගේ process එක දියුණු කරගන්න. ඒ process එකේ භාවිතා කරන tools මුවහත් කරගන්න. process එකට ඇතුළත් කරන දේවල් වල කොලිටිය වැඩි කරගන්න. ඔච්චරයි. ප්‍රතිඵල දෙවියෝ බලාගනී. තමා වැඩ කරන process එක සහ inputs ගැන පමණක් අවධානය දීලා කටයුතු කරද්දී අනවශ්‍ය ලෙස dopamine වැඩි වෙන්නේ නැහැ. බාහිරින් එන බලපෑම් වලට නතු වෙන්නෙත් නැහැ. නැව ගිලුණත් බෑන් චූන් එකේ, ගිලුණු නැවේ කොටස් අරන් තවත් නැවක් හදාගෙන ගමන යනවා. ඉගෙනීම ගැන මට අවබෝධ වූ දේ මගේ පුතාට පමණක් නෙමෙයි, අපේ රටේ ළමයි හැමෝටම දැන් ඉගෙනගන්න පුළුවන්. එය තමයි "විභාග ජය ගැනීමේ රහස." මේ හරහා process එක සහ inputs මත සිට තමාටම ගැළපෙන Study System එකක් හදාගන්න පුළුවන්. පොත කියවන්න කැමති නම්, https://wa.me/p/6537862216313045/94770034730 වීඩියෝ පාඨමාලාව නරඹන්න කැමති නම්, https://school.lokubusiness.lk/p/the-secret-to-pass-your-exam නොදැනුවත්ව දරුවන්ගේ dopamine crash කරවන්න එපා. දරුවාගේ ගමනාන්තය දෙවියන්ට භාර කරන්න. දරුවාගේ ගමනට පමණක් සහය වෙන්න. ඔබට ජය! #StudySmart #LearnOnTikTok
Master Study Time මින් අදහස් කරන්නේ, පාඩම් කිරීමට සතියේ දවස් 7 සඳහාම එකම වේලාවක් තිබිය යුතු බවයි. මෙහි වැදගත්කම? TV එකේ නිවුස් යන වෙලාව ගැන හිතන්න. මීට අවුරුදු 20 කට කලින්, අවුරුදු 10 කට කලින්, මාසෙකට කලින් සහ ඊයේ නිවුස් ගිය වෙලාව ගැන හිතන්න. ප්‍රශ්නයක් අහන්නද? තව අවුරුදු 10 කින් නිවුස් යන වෙලාව කියන්න පුළුවන්ද? දැන් තේරෙනවනේ යම්කිසි දෙයක් සඳහා හැම දවසකම එකම වෙලාවක් තිබීමේ වැදගත්කම. මගේ Master Study Time එක හොයාගන්නේ කොහොමද? මෙහිදී පියවර දෙකක් අනුගමනය කරනවා. 1. තමාගේ high focus සහ high alert වෙලාව අවබෝධ කර ගැනීම. ඒක rocket science නෙමෙයි. නිදිමත නැතුව පාඩම් කිරීමට අවධානය දෙන්න පුළුවන් දවසේ වේලාව කුමක්ද? පාන්දරද? රාත්‍රියේද? සවස් කාලයේද? නිශ්චිත වේලාවක් තෝරාගන්න. 2. ඉහතින් තෝරාගත් වේලාවේ කිසිදු බාහිර බලපෑමක් හෝ බාධාවක් නොවිය යුතුයි. මෙම පියවර දෙකම තෘප්ත වූ විට පමණක් තෝරාගන්නා කාලය Master Study Time එක බවට පත්වේ. #LearnOnTikTok #studysmart #BookTok
ඊයේ, ජනවාරි 25 Dreamz of Shihan ප්‍රසංගයේදී තමයි හේතුව අවබෝධ වුණේ. ඒ හේතුව, මුහුණේ ලස්සන, කටහඬ, සහ පෞරුෂයටත් එහා ගිය දෙයක්. අපි සතුටට සිංදුවක් අහනවා. දුක හිතුනම සිංදුවක් අහනවා. අපේ හැඟීම් බෙදාගන්න හෝ අවබෝධ කරගන්න කව්රුවත් අපිට නැති වුනාට, අපි කවදාවත් දැකලා නැති, කතා කරලා නැති කෙනෙක්ගේ කටහඬක්, රූපයක් අපිව සනසනවා. අපේ හැඟීම් බෙදාගන්නවා. අපිට කොච්චර සැනසීමක් දැනෙනවද? අපේ පිහිටට ඉන්න මනුස්සයෙක්ට ආදරේ හිතෙන එක අහන්නත් දෙයක්ද? ඒක බාහිර දේවල් වලින් ඔබ්බට ගිය ඇතුළාන්තයෙන්ම එන දෙයක්. ශිහාන් එය අවබෝධ කරගෙන කලාකරුවෙකු ලෙස දශක දෙකක් අපි අතර ඉන්නවා. කලාකරුවෙකු වෙන එක ලේසි නැහැ. එතන පුදුමාකාර, මහා විශාල වගකීමක් තියෙනවා. කලාකරුවෙකු තමා නොදන්නා හිත් දහස් ගණනකගේ හැඟීම් අතේ තියාගෙන ඉන්නේ. එම හැඟීම් බොහොම පරිස්සමට ආරක්ෂා කරගෙන ඔවුන්ව එතර කරන්නට ඕනේ. "මම ශිහාන් කියන නමට හරිම ලෝභයි. ඒ ගැන මම බොහොම පරිස්සමින්." ශිහාන් මිහිරංග තමාගේ වගකීම හරිහැටි අවබෝධ කරගත්ත ගායන ශිල්පියෙක්. ඔහු සිතන විදිහ සහ ඉන් පිළිඹිබු වන පෞරුෂයට මම එකෙන්ම ගරු කරනවා. සිංදු අහනවා වගේම, ශිහාන් මිහිරංග කියන චරිතය ගැන දැනගන්න අපිට අනාගතයේදී අවස්ථාවක් ලැබේවි කියා මම සිතනවා. එය තරුණ ළමයින්ට විශ්ව විද්‍යාලයීය අත්දැකීමක් වේවි. ස්තුතියි ශිහාන්, Dreamz of Shihan අමරණීයයි. #shihanmihiranga #dreamzofshihan
අපි හැමෝම කැමති 90 න් එහා සෑම විෂයකටම ලකුණු ගන්න. නමුත් අපි බොහෝවිට සිතන්නේ, එය කළ හැක්කේ සෑහෙන මහන්සි වෙන අධික මීටර් වලට පමණයි කියා. නමුත්, ඒක එහෙම නැහැ. සෑහෙන මහන්සි වෙන මගේ යාළුවෝ හිටියා. දවසට පැය තුන හතරයි නිදාගන්නේ ඒත් ලකුණු හතලිහයි පනහයි. පන්තියේ සර් ගාණ කියද්දී හදල ඉවර කරන සුපිරි මීටර් යාළුවෝ මට හිටියා. මම ගාණ කියවද්දී එයාලා හදලත් ඉවරයි. නමුත් ලකුණු හතලිහයි පනහයි. එත් විභාගයකදී මට! හැමදාම ලකුණු අසූ අනූ ගණන්. මට මීටරයක් කියල කිව්වේ පන්තියේ ලකුණු දෙන දවසට විතරයි. මම අච්චර නිදිමරාගෙන පාඩම් කළෙත් නැහැ. අන්තිමට මම විතරයි මොරටුවේ. එහෙදි තමයි වැඩේ සෙට් වුණේ. ඔන්න බෝඩිමේ ළමයෙක් ඉන්නවා, රටේ ලෝකේ ඔක්කොම වැඩ කරලා රෑ වෙලා බෝඩිමට එනවා. පැයක් දෙකක් වැඩ කරලා අනිත් දවසේ ලෙක්චර් එකට පැය බාගයක් තියල ඇහැරෙනවා. මොරටුවේද කියල හිතන්නත් බැහැ. මමත් කෙමිකල් ඉගෙනගද්දී අපි සිස්ටම් වලින් තමයි හැම ප්‍රශ්නයක්ම විසඳන්නේ. පාඩම් කරනවා කියන්නේ මේකනේ කියල එතකොට තමයි අවබෝධ වුණේ. මෙතන එක සිස්ටම් එකක් තියෙන්නේ. හොඳට ලකුණු ගන්න ළමයි දාහක් ගත්තත් එකම සිස්ටම් එක. දෙවියනේ, මමත් මේ සිස්ටම් එකෙමනේ පාඩම් කරලා තියෙන්නේ. දුකක් වගේම විශාල වගකීමක් මට දැනුණා. මගේ යාළුවන්ට මේ දේ මට කියල දෙන්න බැරි වුණා. ඒත් ඊළඟට එන ළමයින්ට මට මේක කියල දෙන්න පුළුවන්. මම Loku Business Skills සමඟ එකතුවෙලා "විභාග ජය ගැනීමේ රහස" පාඨමාලාව නිර්මාණය කළා. දැන් ඔයාටත් නිදහසේ පාඩම් කරලා ලකුණු අනූ ගණන් ගැනීමේ රහස ඉගෙනගන්න පුළුවන්. මෙම පාඨමාලාව හරහා පාඩම් කරන්නේ මෙහෙමයි කියල ඔයා ඉගෙනගන්නවා. ඔයාගේ සෑම හීනයකම අඩිතාලම මෙයයි. වැඩි විස්තර සහ පාඨමාලාවට එකතු වීමට බයෝ එකේ ලින්ක් එකට පිවිසෙන්න. සැ.යු: පාඨමාලාවට සම්බන්ධ වීමට පෙර පාඩම් කිහිපයක්ම නොමිලේ නැරඹිය හැකිය. @Loku Business Skills #studytips #StudySmart #studymotivation #lokubusinessskills
පාඩම් කරන විෂය කොටස් අවබෝධ කරගැනීමට සහ මතකයේ තබාගැනීමට, අපි පාඩම් කරන ක්‍රමවේදයට මොළය කැමති වෙන්න ඕනේ. මොළය පාඩම් කිරීමට කැමති වෙන්නේ පහත කාරණා 4 තෘප්ත වෙනවානම් පමණයි. 1. නිශ්චිත බව 2. කාර්යය අවසානයේ ත්‍යාගයක් ලැබීම 3. දින චර්යාවේ ඇතුළත් වීම 4. ඔබව පණ ගැන්වීම පාඩම් කිරීමට කුමන විදිහක් අනුගමනය කළත් ඉහත කාරණා 4 ම එකවර තෘප්ත විය යුතුයි. වීඩියෝවේ පළමු පියවර 4 එය ඉෂ්ට කරයි. අවසාන පියවර 2 විභාගයට ඔබව හොඳින් සූදානම් කරයි. #LearnOnTikTok #studysmart #BookTok #studytok
ඔබගේ දැන් ලකුණු ගැන සතුටක් නැත්නම්, ලකුණු වැඩි කරගැනීමට අවශ්‍යයි නම්, ඔබට එය කළ හැක්කේ විභාග ජය ගැනීමේ රහස හරහා පමණි. විභාග ජය ගැනීමේ රහස වන්නේ ඔබටම ගැළපෙන ලෙස Study System එකක් නිර්මාණය කරගැනීමයි. ඒ සඳහා විභාග ජය ගැනීමේ රහස පොත ඔබට මඟ පෙන්වයි. ඊට අමතරව, නිදහසේ ලකුණු 90 ගණන් ගැනීමට විභාග ලිවිය යුතු ආකාරය සහ සිසුවෙක් ලෙස ශක්තිමත් මනසක් සාදා ගැනීමටද උගන්වයි. මේ වනවිට විෂය කොටස් රාශියක් පාඩම් කිරීමට අතපසු වී නම්, එම කොටස් ඇඟට නොදැනී අවසන් කිරීමට විභාග ජය ගැනීමේ රහස ජර්නලය ඔබට උපකාරී වේ. ඉතින්, තවත් පීඩනයෙන් සිටින්නේ ඇයි? විභාග ජය ගැනීමේ රහසින් ජීවිතය ජයගන්න! පොත් මිලදී ගැනීමට TikTok message එකක් එවන්න. #LearnOnTikTok #studysmart #studytok #BookTok
Per favore unisciti al nostro gruppo Facebook TikTok Inspiration
Condivideremo gli ultimi video creativi e potrai discutere di qualsiasi domanda tu abbia con tutti!
TiktokSpy from IXSPY
Strumenti digitali per influencer, agenzie, inserzionisti e brand.
Società di terze parti indipendente, non il sito Web ufficiale di TikTok.
Copyright@2021 ixspy.com. All Rights Reserved